ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
වෛද්‍යවරිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි වෙනත් සැකකරුවන් දෙදෙනෙක් ඇප මත මුදාහරින ලෙසටද අධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.