ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි ෆ්රෙඩ්රිල් ඇන්ඩ්‍රේ සහ එම කුමරිය වන මේරි එලිසබෙත් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා .
දින 05 ක සංචාරයක් සඳහා ඔවුන් ඉන්දියාවට පැමිණීමට නියමිත අතර ලබන 26 වනදා සිට මාර්තු 02 වනදා දක්වා ඔවුන් ඉන්දියාවේ රැඳී සිටිනු ඇති.
ඩෙන්මාර්ක රජ පවුල දශක 02 කින් පමණ පසුව ඉන්දියාවේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා.
මෙම සංචාරය අතරතුර ඔවුන් අග්‍රා සහ චෙන්නායි වෙත පැමිණීමට නියමිතයි.
එමෙන්ම ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් හමුවීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා