ඩෙන්මාර්ක් රජය පුද්ගලයින් විශ්‍රාම ගැන්වීමේ වයස 2040 වසර වන විට 70 දක්වා ඉහළ දමා තිබෙනවා.
ඒ සමගම යුරෝපයේ පුද්ගලයින් විශ්‍රාම ගැන්වීමේ වයස වැඩිම රට බවට ඩෙන්මාර්කය පත්වනවා.
එරට පාර්ලිමේන්තුවේ සම්මත කළ නව පනතක් ඔස්සේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමූ අතර 2040 වසරේ දී එම වයස අවුරුදු 70ක් බවට පත්වනවා.
2006 වසරේ සිට ඩෙන්මාර්කය පුද්ගලයින් විශ්‍රාම ගැන්වීමේ වයස සෑම වසර පහකටම වරක් වෙනස් කිරීමට කටයුතු කරනවා.