දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකන්ගුන්‍යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කලේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බවයි.