මෙරට වරින්වර මතුවන ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
ඒ යටතේ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අරමුණු කර පුහුණු මානව සම්පත් වර්ධනය කිරීමට ද පියවර ගනිමින් සිටිනවා.
ඊට අදාළව කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන මෙතෙක් දීර්ඝ කාලයක් සේවය කළ ඩෙංගු මර්දන සහයකයින් ස්ථීර තනතුරට බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය 26 – 27 දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.
කළමනාකරණ සේවා දෙපාර්තුමේන්තුව මගින් ලබා දී ඇති අනුමැතිය අනුව ඩෙංගු මර්දන සහයකයින් ලෙස 671 දෙනෙකු ස්ථීර සේවයට බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ අතර ඒ සඳහා 660 කට අධික අයදුම්කරුවන් පිරිසක් ද සහභාගි වී සිටියා.