කොළඹ නගරය අශ්‍රීතව සිදුකෙරන ඩෙංගු මර්දන වැඩසටහන සදහා කණ්ඩායම් 60ක් යොදවා තිබෙනවා.
ඒ අනුව ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවලට විශේෂ අවදානයක් යොමු කරමින් කටයුතු කරන බවයි කොළඹ මහ නගර සභාව සදහන් කළේ.
එහි නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ ඩෙංගු මදුවරුන් බෝවන ස්ථාන අවම කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.
හඬ පට ධාවකයමේ අතර ඩෙංගු රෝගයෙන් දරුන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක්කරනවා.
මේ රජයේ අයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් සේනක ගමගේ මහතා.
හඬ පට ධාවකයදරුන්ට මේ දිනවල ප්‍රතිශක්තිය වැඩිවන ආහාර වැඩි වශයෙන් ලබා දීමට පියවර ගන්නා ලෙස ද වෛද්‍ය සේනක ගමගේ මහතා ඉල්ලා සිටියා.
හඬ පට ධාවකය