ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් සහ මුදල් වංචාවක විමර්ශන සඳහා අවශ්‍යව සිටි කාන්තාවක් අද(16) අලුයම කටුනායක ගුවන් තොටපොල වෙත රැගෙනවිත් තිබෙනවා.
සැකකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද(16) අලුයම 5.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
සැකකරුවන් අතර 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලි නමැත්තා වන අතර ඔහු කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පමණ අයෙකි.
පොලිසිය කියා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන යන චෝදනාවන්ට ලක්ව ඇති බවයි.
එසේම රජයේ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සඳහා අවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නිශාමනි ද සිල්වා නමැති කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
සැකකරුවන් තිදෙනා අද (16) උදෑසන රවීන් චමින්ද හෙවත් පුංචා නමැත්තා බස්නාහිර උතුර පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයටත්, රසික සංජීව නොහොත් චූටි මල්ලි නමැත්තා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයටද නිශාමනි ද සිල්වා කොළම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යලය වෙතද දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන යාමට පියවර ගැනුණා.













