Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්
    • ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩි කොක්ගෙන් වාර්තාවක් – දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයග්‍රහණයක්

    ඩි කොක්ගෙන් වාර්තාවක් – දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයග්‍රහණයක්

    2023-10-25කියවීමට මිනිත්තු 4ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගයෙන් ලකුණු 149ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණුඅප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

    තරග පැවැත්වුණේ බංග්ලාදේශය සමගින්.තරග

    යේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා

    .ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 382ක් ලබාගැනීමට සමත් වූවා.

    එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දු 140කදී ලකුණු 174ක් රැස් කිරීමට ක්වින්ටන් ඩි කොක් සමත් වූවා.

    ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 7ක් අන්තර්ගතයි.හෙන්රිච් ක්ලා

    සන් පන්දු 49ක් තුළදී හතරේ පහර 2ක් සහ හයේ පහර අටක් සමගින් ලකුණු 90ක් රැස් කර ගැනීමට සමත් වූවා.

    නායක ඒඩන් මාක්‍රම් ලකුණු 60ක් ලබාගත්තේ හතරේ පහර 7ක්ද සමගින්.

    රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 12ක්ද රේස් වැන් ඩර් ඩුසන් එක් ලකුණක්ද ලබාගැනීමට සමත් වූවා.

    නොදැවී පන්දුවට පහර දුන් ඩේවිඩ් මිලර් ලකුණු 34ක්ද ලබා සිටි අතර මාර්කෝ ජැන්සන් එක් ලකුණු ලබා සිටියා.

    ඒ් අනුව දකුණු අප්‍රිකානු ඉනිම අතිරේක ලකුණු 10ක් ද සමගින් පන්දුවාර 50 අවසානයේ දිස්වූයේ ලකුණු 382ක් ලෙසින්.

    පන්දු යැවීමේ බංග්ලාදේශ පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයට ලක්වූවා.

    ඒ අනුව හසන් මහමුද් පන්දුවාර හයක් යොමු කොට ලකුණු 67කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

    දකුණු අප්‍රිකානු ඉනිමේ වාර්තා වූ හයේ පහර විස්සෙන් හයේ පහර 6ක්ම එල්ල වී ඇත්තේ හසන් මහමුද්ගේ පන්දුවාර තුළදීයි.

    මෙහිඩි හසන් මිර්සා, සොරිෆුල් ඉස්ලාම් සහ හසන් මහ්මුද් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩකයෙකු කඩුලු දවා ගැනීමට සමත් වූයේ නෑ.

    ලකුණු 383ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ සියලුම දෙනා පන්දුවාර 46.4කදී ලකුණු 233කට දවා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූවා.

    බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ලකුණු රැස් කිරීමේදී මහ්මුදුල්ලා පන්දු 111කදී හතරේ පහර 11ක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු 111ක් රැස් කර ගැනීමට සමත් වූවා.

    ලිට්ටොන් දාස් ලකුණු 22ක් රැස් කර ගත් අතර නසුම් අහ්මඩ් ලකුණු 19ක් රැස් කර ගැනීමට සමත් වූවා.

    හසන් මහ්මුද් ලකුණු 15ක්ද ටන්සිඩ් හසන් ලකුණු 12ක්ද මුස්ටෆිසර් රහ්මන් සහ මෙහිඩි හසන් මිර්සා ලකුණු 11 බැගින්ද ලබාගැනීමට සමත් වූවා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් නොවූ අතර අතිරේක ලකුණු 17ක් ඉනිමට එක්වූවා.

    පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ජෙරල්ඩ් කෝට්සි කඩුලු තුනක් දවා ගත්තේ පන්දුවාර 10ක් තුළ ලකුණු 62ක් ලබාදෙමින්.

    මාර්කෝ ජැන්සන්, ලිසාඩ් විලියම්ස් සහ කගිසෝ රබාඩා කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    කේසව් මහරාජ්ට දවා ගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

    තරගය පැවැතියේ වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි.

    මින් පෙර එම ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාංගණයේදී තනි ක්‍රීඩකයෙකු විසින් ලබාගෙන තිබූ වැඩි ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ආරම්භක පිතිකරු සනනත් ජයසූරිය සමත්ව සිටි අතර එම වාර්තාව බිඳ හෙළීමට ක්වින්ටන් ඩි කොක් සමත් වූවා.

    සනත් ජයසූරිය 1997 වර්ෂයේදී ලකුණු 151ක් ලබා තිබූ අතර ඊයේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී ඩි කොක් ලකුණු 174ක් ලබාගැනීමට සමත් වූවා.

    මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රඳවා ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්ව සිටිනවා.

    ඒ සහභාගි වූ සියලුම තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව ප්‍රසාද ලකුණු 10ක් රැස් කර ගනිමින්.

    සහභාගි වූ තරග පහෙන් හතරක් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ස්ථානයේත් නවසීලන්ත කණ්ඩායම තෙවන ස්ථානයේත් පසු වන්නේ ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගනිමින්.

    සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

    ඒ් සහභාගි වූ තරග හතරෙන් දෙකක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින්.

    පකිස්තානු කණ්ඩායම පස්වන ස්ථානයේත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හය වන ස්ථානයේත් පසුවනවා.

    නෙදර්ලන්ත කණ්ඩායම හත් වන ස්ථානයේ පසුවන අතර අට වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
    එංගලන්ත කණ්ඩායම 9 වන ස්ථානයේ පසු වනවා.

    දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවැති තරගයේ පරාජයත් සමග බංග්ලාදේශ කණ්ඩායම 10 වන ස්ථානයට පත්වූවා.

    තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව ඇත්තේ දිල්ලිහිදීයි.

    ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි.

    මේ අතර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්වින්ටන් ඩි කොක්ය.

    ඔහු ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 407ක්.

    ලකුණු 354ක් ලබාගත් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි පසුවන්නේ දෙවන ස්ථානයේයි.

    තෙවන ස්ථානයේ රෝහත් ශර්මා පසුවන්නේ ලකුණු 311ක් ලබාගනිමින්.

    වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා වන්නේ මිචෙල් සැන්ට්නර්යි.

    ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12ක්.

    ජස්ප්‍රිට් බුම්රා කඩුලු 11ක්ද ඩිල්ෂාන් මධුෂංක කඩුලු 11ක්ද දවා ගැනීමට සමත්ව සිටිනවා.

    පෙර පුව​ත“හොඳම සංචාරක ගම්මානය” ඩෝර්ඩෝ
    ඊළඟ පුව​ත ඇමැතිනි ඩයනාගේ ගෙල මිරිකීමේ සිද්ධිය සෙවීමේ කමිටුව අද රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group