2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඈවර කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අනුමැතිය ලබා දී තිබෙනවා.
ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල දැනට පවතින ඩිජිටල් උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා.
ඒ අනුව, ජාතික ඩිජිටල් උපායමාර්ගවලින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථාවර සහ හොඳින් නිර්වචනය කරන ලද ආයතනික ව්‍යූහයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.