පෞද්ගලික ආරවුලකට අදාළව සාමය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිල්ලකට අදාළව සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා
බන්ධනාගාරගතව සිටින ඩෑන් ප්‍රියසාද් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඉන් අනතුරුව වැල්ලම්පිටිය පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළා.
පෞද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් මහජන සාමය කඩවීමේ සිද්ධියකට අදාළව වැල්ලම්පිටිය පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා