හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනවාරි 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ගිනි අවි සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය (26) අත්අඩංගුවට ගත්තා.
ඒ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීමට පසුගිය (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදීයි.
2001 වසරේ යුද හමුදාව විසින් ඔහුට ලබාදුන් ගිනි අවි අතරින් පිස්තෝලයක්, සංවිධානාත්මක අපරාධකරුවෙකුට ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගත්තා.













