බංග්ලාදේශයේ ඩකාඅගනුවර නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් නිවාස 1,500ක් පමණ විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම ගින්න හටගෙන ඇත්තේ ඩකාහි පැල්පත් නිවාස පෙළකයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 19 ක් යෙදවීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීමට පැය 5 ක පමණ කාලයක් ගත වූ බවයි බංගලාදේශ මාධ්‍ය පවසන්නේ.













