ටී-56 ගිනි අවියක් එම පතරොම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පස් දෙනෙක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ සැප්තැම්බර් 09 වන දින රාත්‍රී කාලයේ කොල්ලුපිටිය, ඇල්ෆඩ් පෙදෙස මාර්ගය අසලදී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරීක්‍ෂා කිරීමට යාමේදී එක් පුද්ගලයෙක් ඔහු සන්තකයේ තිබූ බෑගයක් අතහැර දමා පළාගොස් ඇති අතර අනෙක් සැකකරු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පළා යන ලද සැකකරු එම ස්ථානයේ දමා ගිය බෑගය පරීක්‍සා කිරීමේදී එහි තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක්, එම පතොරම් 30ක් සහිත පතරොම් ගැබක්, තහනම් පිහියක් සහ සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථන 03ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය කර ගන්නා ලද තොරතුරු මත පළාගිය සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙක් මාලිගාවත්ත බෝධිරාජාරාම මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, අපරාධ සඳහා යොදා ගත් බවට සැකකරන යතුරු පැදියක් හා ජංගම දුරකථන දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 25, 40 සහ 48 යන වයස්වල පසුවන කොළඹ 14, වැල්ලම්පිටිය, මාලිගාවත්ත හා දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.
විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් මෙම ටී-56 ගිනි අවිය සැකකරුවන් විසින් රැගෙන පැමිණ ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.