අයිස් මත්ද්‍රව්‍ය සහ ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත පානදුර දකුණ, අරුක්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකින් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නනේ.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200ක්, ජංගම දුරකථන 07ක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් පමණ වන අරුක්ගොඩ, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු පසුගිය ජුලි මස 11 වන දින හිරණ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ අපරාධය සහ පසුගිය මැයි මස 25 වන දින පිංවත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමේ අපරාධයකට අදාළව ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු බවට අනාවරණ වී ඇති බව පොලිසිය පවසනවා.
අනාවරණය කර ගත් තොරතුරු අනුව ඊයේ(07) රාත්‍රී කාලයේදී පානදුර දකුණ, බටුවිට ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 100ක්, ටී 56 ගිනි අවියක් සහ ජීව පතොරම් 30ක් සමග තවත් සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හොරණ ගෝනපල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් පමණ වන අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදු විමර්ශන සිදු කරනු ලබනවා.