අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ අයවැය තුළ ඇතුළත් කරුණු යථාර්තවාදී නොවන සාර්ථක කර ගැනීමට අපහසු අයවැයක් බව සදහන් කර තිබෙනවා .
තවද, ටිල්වින්ලාගේ සහ අනුර කුමාරලාගේ ආර්ථික දැක්ම එකිනෙකට පැටලී තිබෙන බව මෙම අයවැයෙන් මනාව පැහැදිලි වන බව අයවැය විවාදයට එක් වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා තිබුනා .
ගිය ආණ්ඩුව විසින් ස්ථාවර කළ ආර්ථිකය වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට රැගෙන යාම හොඳ වුවත් එය ඉහළ ආර්ථික වර්ධන මාවතකට රැගෙන යාමට මෙවර අයවැයෙන් පදනමක් දමා නොමැති බවත් 7% ක ආර්ථික වර්ධන ඉලක්කයට රට ගොඩ නැගීමට ප්‍රමාණවත් නොවන බවත් වැඩිදුරත් පවසා සිටියා .
මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් ලබාදීමේ ටෙන්ඩරයේ ගැටලු ඇතිබව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එය අත්හිටුවන ලෙස ප්‍රකාශ කර තිබුනා.
ආණ්ඩුව බදු අඩු නොකළද 2027 දී දේපොළ බද්දක් අය කිරීමට IMF එකට එකඟවී තිබෙන බවත් අනිකුත් ආණ්ඩු වලට ණය ගන්නවා යැයි චෝදනා කළ වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 3800 ක දේශීය සහ විදේශීය ණය ලබාගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් පෙන්වා දී තිබුනා.
එසේම, රැකියාවක් කිරීම හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, කුඩා වාහනයක් ගැනීම, නිවසක් ඉදිරිකර ගැනීම, දෙමව්පියන්ට සැලකීම යන මෙරට තරුණ පරම්පරාවේ බලාපොරොත්තු ඉටුකිරීමට මෙම අයවැය අසමත් වන බවත් අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට යෝජනාකළ සහන පොලී නිවාස ණය යෝජනා ක්‍රමයෙන් ආසන්න ලෙස ණය ලබාගත හැක්කේ 4166 දෙනෙකුට පමණක් බවත් මන්ත්‍රීවරයා කීයා සිටියා.













