හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදු කර ඇති බව සඳහන්. පසුගිය පස් වැනිදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලැබී ඇතැයිද වාර්තා වනවා. එම අවස්ථාවේදී ඔහුට මෙම මරණ තර්ජන එල්ල කර තිබෙනවා. ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලා ගොස් සිටින පාතාල නායකයින් සහ ඊට සම්බන්ධ පුද්ගලයින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග ලබා දීම පිළිබඳ ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය එල්ල කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද සඳහන්.
උණුසුම් පුවත්
- කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්
- ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක්
- සරුංගල් යවන අයට විශේෂ නිවේදනයක් !
- හැටන් නගරයේ දෛනිකව බැහැර කරන කැළිකසළ මහවැලි ගඟට මුදාහැරේ
- ආණ්ඩුවට රතු එළියක් – යලිත් දුම්රිය වර්ජනයක් ?
- අනතුරු ඉහළයාමට හේතුව රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි – VEDIO –
- වැව් ආශ්රිත ඉඩම් ගැන නාමල්ගෙන් අනාවරණයක් ! – VEDIO –
- අල්ලස් ගැනීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට