පයාගල වෙරළ තීරයේ දියනෑමට ගොස් සිටි සිසුන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
ගල්පාත සහ පානදුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 15ක් පමණ වන වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි පයාගල පොලිසිය පවසන්නේ.
සිසුන් දෙදෙනා උපකාරක පන්ති යන බවට දෙමාපියන්ට පවසා මුහුදේ දියනෑමට ගොස් තිබෙනවා.
එහිදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අතුරුදන් වූ සිසුන් සොයා පයාගල පොලිසිය මෙහෙයුම් සිදු කරනු ලබනවා.