මාළු ලොරියක් තවත් වාහන තුනක ගැටී ටිපර් රථයක පිටුපස රෝද හතරම එලියට ගලවාගෙන යෑමේ දරුණු රිය අනතුරක් අද (27) දින දහවල් දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.
මෙදින උදෑසන ද මෙම ස්ථානයේම යුද හමුදාවේ කෝප්පල්වරයෙකු පැදවූ යතුරු පැදියක් දුරකථන කණුවක ගැටී මිය යාම විශේෂත්වයෙක්.
ගලේවෙල දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් රියැදුරට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් එළියට පැන දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් තිබූ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක පිටුපස රෝදයේ ගැටීමත් සමග ටිපර් රථය එහි තිබූ තවත් වෑන් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව දඹුල්ල පොලිසිය පවසන්නේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ මාළු ලොරි රථයේ රියදුරු ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කියා සිටියා.
මෙම අනතුර සිදුවෙන ආකාරය අනතුරට පත් වෑන් රථයේ ඉදිරිපස සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබීම විශේෂත්වයකි.
ටිපර් රථයේ රියදුරා සඳහන් කළේ තමන් දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් සිටියදී එකවරම ඉදිරියෙන් පැමිණි ලොරි රථය පාර මැදට පැමිණ ගැටුණු බවයි.
මේ හේතුවෙන් ඒ හය ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වූ අතර ටිපර් රථයේ පිටුපස රෝද දෙකම ගැලවී රථයෙන් වෙන් වී තිබීම විශේෂත්වයකි.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.