මහියංගනයේ සිට තලවකැලේ දක්වා වැලි ප්‍රවාහනය කල ටිපර් රථයක් අනතුරට පත්විමෙන් එම ටිපර් රථයේ වැලි ප්‍රධාන මාර්ගය හරහා විසිරිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නානුඔය පොලිසිය පැවසුවා.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද දින තලවකැලේ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේදියි.
ධාවනය වෙමින් තිබු ටිපර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ඇදි ගොස් මාර්ගය අභියස පිහිටි කන්ද ගැටි ටිපර් රථය මාර්ගය හරහා පෙරලි මෙම අනතුර සිදු වි තිබෙනවා.
ටිපර් රථය අනතුර පත් වන අවස්ථාවේ එහි වැලි කියුබ් තුනක් ප්‍රවාහනය කර ඇති බවත්, අනතුරෙන් වැලි විශාල ප්‍රමාණයක් මාර්ගය හරහා විසිරිම නිසා මාර්ගය ලිස්සන සුළුබැවින් අනතුර සිදු වු ස්ථානයෙන් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
අනතුරෙන් කිසිවෙකුටත් තුවාලයක් සිදු වි නැහැ.