සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ටිංකර් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරු හෙට දිනය දක්වා පැය 24ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී ඇති බවයි .
ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී පසුගියදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනා.
පසුව ඔහු ඊයේ දිවයිනට රැගෙන ඒමෙන් පසු ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාරදී තිබුනා.
පොලීසිය පැවසුවේ සැකකරු ඊයේ දිනයේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන් බවයි.