නව අන්තර්වාර රජයට සහය පළ කරමින් සිරියාවට පැනවූ සම්බාධක ඉවත් කරන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනාධිපති අහමඩ් අල් – ෂාරා හමුවීමට සැරසෙනවා
විදෙස් වාර්තා සදහන් කළේ සෞදි අරාබියේදී අද එම හමුව සිදුවනු ඇති බවයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවීමෙන් අනතුරුව සම්බාධක ඉවත් කිරීමේ තීරණය ප්‍රකාශයට පත්කළ අතර ඒ සමගම සිරියාවේ ඩමස්කස් අගනුවර ජනතාව වීදි බැස සිය සතුට සැමරූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ