අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ පළමු දින 100 අදට සම්පූර්ණ වනවා.
”ශ්‍රේෂ්ඨත්වයේ දින 100 මැයෙන්” පැවති සැමරුම් උත්සවයට එක් වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් මෙම කාළය තුළ ”බොහෝ විනෝදයක්” ලබා ගත් බවයි.
දින සියයක් ඇතුළත ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාත්මක කළ නව ප්‍රතිපත්ති සහ තීරණ හේතුවෙන් පුද්ගලයින් නඩු දෙසීයකට වඩා අධිකරණයේ ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන්කළා.
එසේම, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ ආරම්භක අවධියේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයන් රාශියක් උපුටා දක්වමින් පැමිණිලි ඉදිරිපත් කිරීම් ද වාර්තා වනවා.