බි්‍රතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චාල්ස් රජු අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී ඔහුට ගෞරවයක් ලෙස බි්‍රතාන්‍යයේ රෙඩ් ඇරෝස් නැමැති ගුවන් හමුදා උත්තමාචාරය ද පිළිගන්වා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඇමරිකානු ජනාධිපතිවරයෙකුට එවැනි ගෞරවයක් දැක්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
එහිදී චාල්ස් රජු දෙරට අතර සමීප සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එමෙන්ම, ට්‍රම්ගේ ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු වී තිබෙනවා.
මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා අද බි්‍රතාන්‍ය අගමැතිවරයා හමුවීමට ද නියමිතයි.