ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන දා සිට බලාත්මක බව ය.
පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව සඳහා 44%ක තීරු බදු පැනවීමට ඇමෙරිකාව තීරණය කළ අතර පසුව දින 90කට අත්හිටුවූ එම යෝජිත තීරුබදු ප්‍රතිශතය නව සංශෝධනය අනුව 14%කින් අඩු කෙරිණි.