ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් රටවල් 7කට තීරුබදු ලිපි යැවීමට සූදානම් වනවා.
වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් අද තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
ට්‍රම්ප් රටවල් 14කට සංශෝධිත සහ වැඩි කළ තීරුබදු සඳහා ලිපි නිකුත් කළේ ඊයේ දිනයේදීයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවීමෙන් පසු ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර,ඇමරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ බ්‍රිතාන්‍යය, චීනය හා ඉන්දියාව සමඟ ගිවිසුම් වලට එළැඹි බවයි.
කෙසේ වෙතත් ට්‍රම්ප් සඳහන් කර සිටියේ අගෝස්තු 01 වනදා සිට සියලුම රටවල් බදු ගෙවිය යුතු අතර එම දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.