ඇමරිකාව විසින් පෙර පැනවූ තීරු බදු අගය සියයට 30 ක් දක්වා අඩු කිරීම මෙම අවස්ථාවේ වාසි දායක බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති විජිතපුරේ විමලරතන හිමියන් පවසනවා .
උන් වහන්සේ මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මේ අතර ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට සියයට 30ක තීරු බදු පැනවීම තුලින් ඇති වාසි සහ අවාසි පිලිබදව වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ මහාචාර්ය අමින්ද පෙරේරා මහතා ද පැහැදිලි කිරීමක් සිදු කළා .