මෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුම් ගතවීමකට හෝ සාකච්ඡා කිරීමක් සඳහා පැමිණිය යුතු කාලය අවසන් වෙමින් පවතින බවයි ඔහු පවසන්නේ.
සන්නද්ධ යුද නෞකාවක් ඉරානය දෙසට ගමන් කරන බවට ප්‍රකාශයක්ද ඔහු කර තිබෙනවා.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ප්‍රකාශට පිලිතුරු දෙමින් ඉරානය පවසා ඇත්තේ “අන්‍යෝන්‍ය ගෞරවය සහ අවශ්‍යතා මත පදනම් වූ සංවාදයකට ඔවුන් සූදානම්” බවයි.
බලපෑම් කළහොත් එයට ප්‍රතිචාර දක්වන බවයි ඉරානය ට්‍රම්ප්ට දන්වා තිබෙන්නේ.













