ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර දෙකකට පසුව අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය වාර්තාවක් මඟින් හෙළිකර තිබෙනවා.
ටයිටන් සබ්මැරීනය පුපුරායාමට ප්‍රධාන හේතුව ටයිටන් සබ්මැරීනයේ ප්‍රධාන කොටස ප්‍රමාණවත් සැලසුම්, ඉදිකිරීම් සහ පරීක්ෂණ නොමැති වීම බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. මෙම අනතුරට ටයිටන් සබ්මැරීනය හිමි සමාගම වන ”ඕෂන්ගේට්” සමාගම වගකිව යුතු බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ .
එමෙන්ම එම වාර්තාව මඟින් දැක්වෙන්නේ ටයිටන් සබ්මැරීනය පුපුරායාම වළක්වා ගැනීමට ඉඩකඩ තිබූ බවයි.