අධිකරණයට අපහාස කරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වරදකරු වී සිර දඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණයට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් ශේෂ්ඨාධිකරණයට මේ බව දැනුම්දී තිබුණා.
ඥානසාර හිමිට ප්‍රදානය කර තිබෙන සමාව බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා මහතා මෙම දැනුම්දීම සිදු කළ බවයි වාර්තා වුනේ.
මෙම පෙත්සම් එස්. තුරෙයි රාජා කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
උණුසුම් පුවත්
- ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
- යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
- කෙහෙළියට එරෙහි නඩුවක් හෙට
- වතුර හිඟයි , පරිස්සමෙන් භාවිතා කරන්න ! මණ්ඩලයෙන් රතු එළි
- ඖෂධ සහ ශල්‍ය උපකරණ මෙරටට සපයා දීමට කටයුතු කරනවා – ඇමරිකානු තානාපතිනි
- ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට වාසියි ?
- සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවයි
- විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡාවක්