දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පවරා ඇති විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝගකර තිබෙනවා.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගියදා සිදු කළ ඉල්ලීම සලකා බලාමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළා.
ජාතින් අතර ආගමික වෛරය පතුරවමින් දේශන සිදු කිරීම හේතුවෙනුයි අත්අඩංගුවට ගත් දේවගැතිවරයාට මෙලෙස විදේස් ගමන් තහනමක් පනවනු ලැබුවේ.