මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පවත්වා තිබෙනවා.
ඒ හිටපු ජනපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේ දීයි.
ජූලි චන්ග් සිය ධුර කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගමින් සහ ශක්තිමත් කරමින් සිදු කළ සේවය අගයමින් හිටපු ජනාධිපතිවරයා එහිදී ඇයට ස්තුතිය පිරිනමා තිබෙනවා.
දිවයිනෙන් පිටත්ව යන ඇයගේ ඉදිරිය කටයුතු වෙනුවෙන් හිටපු ජනපතිවරයා ඇයට සුබ පැතුම් ද එක් කර තිබුණා.
මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ලෙස සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින් ජූලි චන්ග් ලබන 16 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.














