ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමකට අනුවයි ඇය මෙලෙස පැමිණ තිබෙනවා.
මෙහිදී තානාපතිනිය පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක, ජයන්ත කැටගොඩ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යන මහත්වරුන් මුණගැසී සාකච්ඡාකර තිබෙනවා.