සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ දෛනික මෙහෙයුම් එළැඹෙන ජූලි මස සිටි දින 45ක් දක්වා තාවකාලික ව නතර කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ.
නියමිත නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා මෙලෙස සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසා දැමෙන බව නිවේදනයේ සඳහන් ය.
ඉදිරි වසර 03ක කාලයක් සඳහා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ උපරිම නිෂ්පාදන ධාරිතාවක්, ආරක්ෂිත සහ විශ්වසනීය ක්රියාකාරිත්වයක් මෙමගින් අපේක්ෂා කෙරේ.