මිද්දෙනිය ,ජුලම්පිටිය ,06 කනුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවලකටයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.
මෙහිදී යතුරු පැදිය පැදවූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා තිබුණා.
යතුරු පැදිය පෙරලි යාමෙන් එහි ගමන් කල කාන්තාව තුවලා ලබා මිද්දෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම අඹුසැමි යුවලේ පිරිමි පුද්ගලයා 42 වන වියේ පසුවන අතර කාන්තාවගේ වයස අවුරුදු 40 ක්.













