2025 වසරේ ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් එකොළොස් ලක්ෂ හැට අටදහස් හතලිස් හතර දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ සංචාරක මාසික වාර්තා සටහනේ මේ බව දක්වා තිබුණා.
ජුනි මාසයේ දී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 138,241 ක්.
එය 2024 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බවයි එම සටහනේ දක්වා ඇත්තේ.
ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්්‍රලියාව සහ පාකිස්තානය යන රටවලින් පසුගිය මාසයේ වැඩිම සංචාරක පැමිණීම සිදු ව තිබෙනවා.