ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සදහා ජීවී මත්ස්‍යයින් සහ කැස්බෑවන් 365 දෙනෙකු රැගෙන පැමිණි ගුවන් මගියෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තළවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයකු බව සඳහන්.
ඔහු විසින් සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙම සතුන් රැගෙන විත් තිබූ අතර ඔවුන් අතර ඇරවානා , මඩු , කැට් පිෂ් සහ කැස්බෑවන් සිටින අතර ඔවුන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී යළිත් ඔක්සිජන් වායුව ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.
රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














