මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
මිට්සුබිෂි පෙජරෝ වර්ගයේ මෝටර් රථයක් අද(08) දහවල් මෙලෙස ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ 46.4 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථය ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
අදාළ මෝටර් රථය කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ බවයි වාර්තා වන්නේ.