විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන හීනටියන මහේෂ් නමැත්තාගේ ඥාතියෙකු බව කියන ජින්ගා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අයෙක් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශනයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදනය කරන ලද පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ මැගසිනයක් සහ ටී 56 උණ්ඩ 25ක් සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













