ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ යුක්රේනයට ගොස් තිබෙනවා.
එහි දී යුක්රේන ජනාධිපතිවරයා ද හමු වී ඇති අතර සිය රට සහයෝගය දිගින් දිගටම යුක්රේනයට ලබාදෙන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම යුක්රේනයට අවශ්‍ය ආර්ථික සහයද ලබාදෙන බවට භාණ්ඩාගාර ලේකම්වරිය පොරොන්දු වී ඇති බව සඳහන්.
මේ අතර ඉදිරියේ දී රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීමට අපේක්ෂා කරන බවත් ඇය එම සාකච්ඡාවේ දී අවධාරනය කරනු ලැබුවා.