මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනු කළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් ෆර්නැන්ඩස් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇති බව සඳහන්. අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විසින් විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20 කට අධික මුදලක් විවිධ අයුරින් එලෙස වියදම් කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඒ අතුරින් කිහිපදෙනෙකු ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වනවා. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වන විට ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි හතයි දශම දෙකක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලාංකික නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් මේ වන විට ඉන්දියාවේ පදිංචිව සිටිනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














