මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනු කළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් ෆර්නැන්ඩස් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇති බව සඳහන්. අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විසින් විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20 කට අධික මුදලක් විවිධ අයුරින් එලෙස වියදම් කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඒ අතුරින් කිහිපදෙනෙකු ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වනවා. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වන විට ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි හතයි දශම දෙකක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලාංකික නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් මේ වන විට ඉන්දියාවේ පදිංචිව සිටිනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව උපයා ගත් මුදල සහ වාහන සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- නව යෝජිත ත්‍රස්ත විරෝධී පනත ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් විශේෂ දැනුම් දීමක්
- දකුණු අප්‍රිකාවේ හදිසි තත්වයක් – ගංවතුරින් 200 ක් මරුට
- 2026 වසරේ හොඳම මධුසමය ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත් එක්වෙයි
- අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්










