ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා.
එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම බදු සතිය “බදු ශක්ති” නමින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන අතර අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කළා.