“තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක 2026 ජාතික නිවාස වැඩසටහන අද ආරම්භ වනවා.
ගාල්ල නගරයේදී ආරම්භ වන මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
මෙම ජාතික නිවාස වැඩසටහනේදී ප්‍රතිලාභීන් 200කට අධික සංඛ්‍යාවකට නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ආධාර මුදල් පිරිනමනු ලබනවා.
නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ දැනට ප්‍රධාන නිවාස ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව, යුද්ධයෙන් අවතැන් වූ උතුරු සහ නැඟෙනහිර පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස 2500 ක් ඉදිකිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් පසුගියදා ආරම්භ කළා.
මීට අමතරව, “දිට්වා” සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ද විශේෂ නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.










