හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දීපාවලී උත්සවයේ ජාතික දීපාවලී උත්සවය අද(19) දින හැටන් නගරයේදී පැවැත්වුණා.
බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රීනි අසබිගා සාමිවේල් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික දීපාවලි උත්සවය පවත්වනු ලැබුවා.
බුද්ධශාසන, ආගමික කටයුතු අමාත්‍යංශය, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන මගින් සැමට සාමය සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් ජාතික දීපාවලි උත්සවය සංවිධානය කර තිබුණා.
හැටන් ශ්‍රීමාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් සිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරුක්කල් විසින් ජාතික දීපාවලී උත්සවයට පැමිණි ආරාධිතයන් වෙනුවෙන් එම කෝවිලේදී විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්වූ අතර එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් එම ආශීර්වාද පූජාව සංවිධානය කර තිබුණා.
කෝවිලේ පැවැති ආශීර්වාද පූජාවෙන් අනතුරුව ආරාධිතයන් සියුල දෙනාම පෙරහැරකින් හැටන් ප්‍රිනසස් ශාලාව වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුව එහිදී පාසල් ළමුන් විසින් හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කරනු ලැබුවා.
ජාතික දීපවාලි උත්සාවය නිමිත්තෙන් සමරු තැපැල් මුද්දරයක්ද නිකුත් කරනු ලැබුවා.
2025 ජාතික දීපවාලි උත්සවය හැටන් නගරයේ පැවැත්වීම වෙනුවෙන් කඳුරට හින්දු පූජක සංගමය විසින් අමාත්‍යවරයා ඇතුළු සාමාජිකයන්ට සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.