අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ඊට අදාළ අදහස් සහ යෝජනා එළඹෙන නොවැම්බර් මස 20 වන දිනට පෙර යොමු කල යුතු වනවා.
මේ පිළිබද වැඩිදුර තොරතුරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල ෆේස්බුක් පිටුවෙන් හෝ 077 18 06 878 යන වට්සැප් අංකය හරහා දැනගත හැකියි.
ශ්‍රී ලංකාවේ සියලුම තරුණ තරුණියන් ආවරණය වන පරිදි තරුණ ශ්‍රම බලකාය සවිබලගැන්වීම සහ මනා පෞරුෂයෙන් යුත් නායකත්වයක් සහ නිර්මාණශීලි තාරුණ්‍යයක් ගොඩනැඟීම මෙහි අරමුණ වනවා.