ජාතික ජන බලවේග පක්ෂ නායකයින් අද පෙරවරුවේ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමු වී තිබෙනවා.
පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු පිරිසක් ඒ සඳහා එක්ව සිටියා.
පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ සූදානම පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග සාකච්ඡා කිරීම එහිදි සිදු වුණා.
මේ අතර පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ, විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත් වුණා.













