ජාතික කනිෂ්ඨ සහ ජාතික යොවුන් බර ඉසිලීමේ තරගාවලිය අද(26) මාතලේ දී ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සංඛ රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින්.
අද(26) ආරම්භ කෙරෙන මෙවර තරගාවලිය 27 සහ 28 දෙදින ද පැවැත්වීමට නියමිතයි.
ජාතික fායුවන් සහ ජාතික කනිෂ්ඨ බාලිකා තරග සියල්ලම අද(26) පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැවැත්වෙනවා.
පස්වරු 6ට ආරම්භ කරන ජාතික කනිෂ්ඨ සහ ජාතික යොවුන් බාලක තරග 28 වනදා පස්වරුව වන තෙක් පැවැත්වීම නියමිතයි.
ජාතික ශූරතා කනිෂ්ඨ තරගාවලිය සහ ජාතික ශූරතා යොවුන් තරගාවලිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගාරයේදී ක්‍රියාත්මක කිරීමට මින් පෙර තීරණය කර තිබුණද පසුව එය මාතලේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.













