ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
මේ අනුව එම වැටුප රුපියල් 17,500 ක් දක්වා වැඩිකිරීමටයි ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් නිර්දේශ කර ඇත්තේ.
එමෙන්ම ජාතික අවම දෛනික වැටුප ද රුපියල් 500 යේ සිට 700 ක් දක්වා වැඩිකෙරෙනු ඇති.
සේවකයින්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500 ක් ලෙස මීට පෙර නියම කර තිබුණා.












