ජාතික අධ්‍යාපන කවුන්සිලයේ නව සභාපතිවරයා සහ උපසභාපතිවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබෙනවා.
ජාතික අධ්‍යාපන කොමිසමේ නව සභාපති මහාචාර්ය සරත් ආනන්ද මහතා සහ , නව උපසභාපති තිලක් ධර්මරත්න මහතා අග්‍රාමාත්‍යවරිය හමුවී මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ..
අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ජාතික අධ්‍යාපන කවුන්සිලයෙන් විය යුතු සේවාව අග්‍රාමාත්‍යවරිය මෙහිදි පැහැදිලි කර තිබෙනවා.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වාර්තා සකස් කිරීම සහ අධීක්ෂණ කටයුතු සිදුකිරීම මෙන්ම ස්වාධීන නියාමනයන් ලබාදීම ජාතික අධ්‍යාපන කොමිසමේ මූලික වගකිමක් සේ සලකා කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය මෙහිදි දැනුම් දී ඇත්තේ.