ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට යෙදී තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර ළමා පිළිකා දිනය සෑම වසරකම අද දිනයේදී ලොව පුරා සමරනු ලබනවා.
මෙවර ළමා පිළිකා දිනයේ තේමාව වන්නේ “උද්‍යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු ” යන්නයි.
ළමා පිළිකා සත්කාර සඳහා වන අභියෝග ජය ගැනීම සඳහා සහයෝගී උත්සාහයන් සහ මුලපිරිම් දිරිමත් කිරීම මේ තුළින් අදහස් වනවා.
මෙම දිනය සැමරීමේ පරමාර්ථය වන්නේ ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ පිළිකාවෙන් පීඩා විඳින දරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීමයි.
ලොවපුරා වාර්ෂිකව ළමා පිළිකා ලක්ෂ 4ක් පමණ හඳුනාගනු ලබනවා.
ජාතික පිළිකා ලේඛනයට අනුව 2021 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන් 1032 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අතුරින් පිරිමි ළමුන් 578 සහ ගැහැණු ළමුන් 454 ක් පිළිකා රෝගීන් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත දත්ත අනුව 2019 වසරේ දී ළමා පිළිකා හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 224 ක් ලෙසයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














