ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට යෙදී තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර ළමා පිළිකා දිනය සෑම වසරකම අද දිනයේදී ලොව පුරා සමරනු ලබනවා.
මෙවර ළමා පිළිකා දිනයේ තේමාව වන්නේ “උද්‍යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු ” යන්නයි.
ළමා පිළිකා සත්කාර සඳහා වන අභියෝග ජය ගැනීම සඳහා සහයෝගී උත්සාහයන් සහ මුලපිරිම් දිරිමත් කිරීම මේ තුළින් අදහස් වනවා.
මෙම දිනය සැමරීමේ පරමාර්ථය වන්නේ ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ පිළිකාවෙන් පීඩා විඳින දරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීමයි.
ලොවපුරා වාර්ෂිකව ළමා පිළිකා ලක්ෂ 4ක් පමණ හඳුනාගනු ලබනවා.
ජාතික පිළිකා ලේඛනයට අනුව 2021 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන් 1032 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අතුරින් පිරිමි ළමුන් 578 සහ ගැහැණු ළමුන් 454 ක් පිළිකා රෝගීන් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත දත්ත අනුව 2019 වසරේ දී ළමා පිළිකා හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 224 ක් ලෙසයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













