ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහ සභා රැස්වීම හා සම්මේලනය ආරම්භ වුණා.
ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රීඩා කවුන්සිලයේ තේමාව වන්නේ ක්‍රිඩාව තුළින් මිත්‍රත්වය ඇති කිරීම යන්නය.
මෙවර එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම විශිෂ්ට කරුණක් වන අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පසු ලොව දෙවන විශාලතම ක්‍රීඩා කවුන්සිලය වන්නේ මෙයයි.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහ සභා රැස්වීම හා සම්මේලනය සදහා මහද්වීප 4ක් නියෝජනය කරමින් සාමාජික රටවල් 80 කින් නියෝජිතයින් 300කට ආසන්න පිරිසක් සහභාගි වුණා.